Posted by : TheRouteFinder Monday, May 13, 2013

දෘෂ්ටි ප්‍රස්ථිතික සංදර්ශක දැකලා ඇති කියලා මම හිතනවා, මේ රූපේ තියන්නේ ඒ වගේ එකක් තමයි. මේකට ඉංග්‍රිසියෙන් කියන්නේ POV Display කියලයි. මුලින්ම ඒවගේ එකක් හදන්න කැමති කෙනෙකුට උදවුවක් විදිහට මම මුල ඉඳලම කියන්නම්.

හදන්න ඕනේ වෙන දේවල් ටික කියන්නම්.

1. Micro-controller (PIC16F84 or any) එකක්
2. LED ( RED ) 8ක්, 16ක් හෝ 24ක්. (PIC16F84 >8)
3. Copper Board එකක්
4. Mail pin Headers ප්‍රමාණවත් තරම්
5. ඊයම්
6. Push Button එකක්
7. 20MHz Crystal එකල්
8. 27pf Capasitor දෙකක්
9. Programmer එකක් (PicKit 2/3)
10. LED ගණනම 330ohm Resisters
11. Nokia rechargeable බැටරියක්
12. 12v මෝටරයක්
13. 12v Power Supply එකක්
14. Computer එකකුත් ඕනෙමයි ඉතින්. මේකම හදනවා නම්  නැතුවට කමක් නෑ. ඒත් එකක් ඔනේ වෙනවා.

මේ ටික හොයා ගත්තාට පස්සේ මේ තියෙන LINK 1 එකෙන් PCB Design එක බාගන්න.  LINK 2 එකෙන් PCB Wizard Software එකත් බාගෙන වෙනස්කම් කරගන්න. නැත්තම් ඔයාලම අලුතින් 1ක් අඳින්නකෝ.. ඒක ගොඩාක් හොඳයි.

මම පාවිච්චි කලේSMD Resistors ( රවුම් කරලා තියෙන්නේ ඒවා ) ඔයාලා ඒවා වෙනුවට සාමාන්‍ය ඒවා ගන්නවා නම් මේ PCB එකක් හදාගන්න design එක පාවිච්චි කරලා. ඊට පස්සේ Drill කරලා Components ටික පාස්සගන්න. මේ රූපේ විදිහට Glue Stick එකක් පාවිච්චි කරලා PCB දෙක එකට අටවාගන්න ගැලවෙන්නේ නැතිවෙන්න. මොකද ඕක කැරකෙන්නේ හෙමින් නෙවෙයිනේ.. එතකොට බොහොම ලේසියෙන් ගැලවිලා ඇවිත් අනතුරක් වෙන්නත් පුලුවන්. ඊට පස්සේ රූපේ විදිහට PCB 1 මෝටරයට සවිකරගන්න. Mechanical වැඩේ හරි දැන්.

ඊට පස්සේ මේ LINK 3 එකෙන් PIC C code එක බාගෙන වෙනස්කම් කරගන්න. එහෙමම දානවා නම් .hex file එක programmer software එකට import කරලා PIC micro-controller එකට Upload කරන්න. ඔක්කොම හරි නම් power දීලා බලන්නකෝ.. එකතරා වෙලාවක එකතරා voltage එකකදී displaying message එක stable වේවි. ඒවා හොයාගන්න එක මට කරන්න බෑනේ.. පොඩ්ඩක් උත්සාහ කරලා බලන්නකෝ.. වෙන මොනවා හරි දැනගන්න ඕනේ නම් අහන්නකෝ.. 

ආ... Micro-controller එකට power දෙන්න Nokia බැටරිය පාවිච්චි කරන්නකෝ.. අමතක වුණා කියන්න. .

Xperia ray 4.2.2
video @ YouTube: http://youtu.be/CQ6epvQ6Iw8
TheRouteFinder PROJECTS

Downloads

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Popular Post

- Copyright © TheRouteFinder -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -